ඉදිරි කාලය තුළ සමාජ ජාලා අවහිරතාවයක් සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ(13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
“VPN ලෑස්ති කරගන්න කියලා තිබුණා මම දැක්කා ඒවා බොරු , එහෙම එකක් නෑ. හැබැයි අපිව එතනට ගෙනියන්න එපා.
සමාජ ජාලාවල දැන්වීම් අපි ගලවන්න කියනවා හෙට ඉදලා. ඡන්දයට කලින් තිබෙන ආගමික දේව මෙහෙයන්වලදී අපේක්ෂකයන් ගැන කියන්න එපා.
ආගම, රැකියා ස්ථානය අයුතු බලපෑමට වැටෙනවා. අපි ඉතාම සතුටු වෙන එකක් තියෙනවා. නියපොත්තක් කැපුවා කියාලවත් පැමිණිල්ලක් නෑ. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කියලා තියෙන්නේ බැන තර්ජනය කිරීම්“




