ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරුවේ අරඹයි

Share

2019 ජනාධිපතිවණ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද(15) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙතින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලවල සිටි එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුවෙයි.

ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදි  ඇති බව වාර්තා වෙයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000ක් යොදා ගන්නා අතර, ප්ලාස්ටික් ඡන්ද පෙට්ටිද යොදාගැනීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබුණු පසු ග්‍රාමනිලධාරීන්ගේ මූලිකත්වයෙන් පෙරහුරුවක්ද පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය.

Read more

Local News