ජනපතිවරු 5කගේ නිල ඡායාරූප ශිල්පියා වු සුදත් සාක් සම්මානයෙන් පිදුම් ලබයි

Share

දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උලෙළ හෙවත් සප්සා 2019 උලෙළේ දී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස දීර්ඝ සේවාවක් ඉටුකර ඇති ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ හා නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා 2019 සාක් රටවල් හොඳම දේශපාලන ඡායාරූප ශිල්පියා ලෙස විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබිය.

ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වනේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිවරයා අතින් එම සම්මානය ලබාගතේය.

බංගලාදේශ මහකොමසාරිස්  Tarik Ahsan  මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මෙම අවස්ථාවට සාක් රටවල ජ්‍යෙෂ්ඨ නායකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල පිරිසක් එක්ව සිටියේය.

Read more

Local News