මෙරටට එන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරටින් උපදෙස් මාලාවක්

Share

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරට රජය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය විසින් අදාළ උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණ දිනයේදී මෙන්ම ඉන්පසුව ද ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බැවින් සුදුසු ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය මෙරට සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයින්ට දැනුම් දී ඇත්තේ.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ජන රැළි, පෙළපාලි ආදියපැවැත්වෙන ස්ථානවල රැඳී නොසිටින ලෙස සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස්වලට අනුව කටයුතු කර ලෙස එම කාර්යාලය බ්‍රිතාන්‍ය සංචාරකයින් වෙත නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read more

Local News