අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අද(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 ත් 20 ත් අතර මුදලකින් මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 420 සිට රුපියල් 410 දක්වා අඩුකර තිබේ.
මාකුඹුරසිට මාතර දක්වා රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 520 දක්වා අඩු කර ඇති අතර කොළඹ සිට මාතර දක්වා 580ක්ව පැවති බස් ගාස්තුව 570 ක් දක්වා අඩු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 470 ක් ලෙස සංශෝධනය කර ඇති අතර කඩවත සිට මාතර දක්වා බස් ගාස්තුව 570 ක් ලෙස සංශෝධනය කර තිබේ.
කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 550 ක් ලෙස සංශෝධනය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය.
මෙම ගාස්තු සංශෝධනය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.




