පලාලි හා පලෙයි පොලිස් වසම් සඳහා යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කීපයක් ක්‍රියාත්මක වු අතර එය මේ වන විට ඉවත් කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (15) දිනයේ දී යුද හමුදාව විසින් මෙම මාර්ග බාධක යොදවා තිබිණි.
අද(16) පැවැත් වීමට නියමිතව තිබිය දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුද හමුදාව විසින් මාර්ග බාධක යෙදවීම නීත්‍යානූකූල නොවන බැවින් යුද හමුදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලීසිය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව යුද හමුදාව විසින් සියලු මාර්ග බාධක ඉවත් කර ගෙන තිබේ.




