අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

Share

පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂ නිවේදනයක් නික්තු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබ පැතුම් එක්කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

Read more

Local News