ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වඩා සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අදට යෙදෙන සිය ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්යෝත්සවයේදීයී.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී කිරිඅම්මාවරුන් 110 දෙනෙකු සඳහා වන විශේෂ දානමය පිංකම අද අලුයම පැවැත්වුණි.
මෙහිදී මහාසංඝරත්නය විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කළේය.
එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වත්මන් කැබිනට් මණ්ඩලයෙන් මේ වන විටත් බහුතරයක්ම ඉල්ලා අස් වී ඇති බවත් සියලු දෙනා ජනතා මතයට ගරු කළ යුතු බවත්ය.



