සේනා දළඹු ග්‍රහණය වසංගතයක් වෙලා නැහැ

Share

බඩ ඉරිඟු වගා කර ඇති ප්‍රදේශවලින් සේනා දළඹු ග්‍රහණය වාර්තා වුව ද එය වසංගත තත්ත්වයට වර්ධනය වී නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සේනා දළඹු ග්‍රහණය පාලනය කිරීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා පැවසුවේ ඒ පිළිබඳව තම නිලධාරීන් නිරත්නතර අවධානයෙන් පසුවන බව ය.

සේනා දළඹු හානිය අවම කිරීම සඳහා තම දෙපාර්තමේන්තුව දුන් උපදෙස් ගොවීන් පිළිපැදීම හේතුවෙන් හානිය අවම කිරීමට හැකිවූ බව ද ඔහු සඳහන් කළේ ය.

Read more

Local News