ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කරන්න ජනපතිගෙන් උපදෙස්

Share

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19) නියෝග කර තිබේ.

මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.

එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.

මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20) දිනයේදී සියලු අමත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

Read more

Local News