විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද(20) ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ බාර ගෙන තිබේ.
අද පෙරවරු 09.15 ට ආරක්ෂක අමාත්‍යංශයේදි ඒ මහතා වැඩ බාර ගනු ලැබීය.
විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ පත් කරනු ලැබීය.
1982 දෙසැම්බර් මස 04 වනදින සිට ශ්‍රී ලංකා යුධ හමුදාවේ විවිධ නිලයන් දරමින් කටයුතු කළ කමල් ගුණරත්න මහතා මානුෂීය මෙහෙයුමේදී 53 වැනි සේනාංකයට අණදෙමින් වසර 30ක් පුරා පැවැති යුද්ධය නිමා කිරිමට ප්රමුඛ දයකත්වයක් ලබා දුන් රණවිරුවෙක්.
2009 මැයි මස 19 වනදා නන්දිකඩාල් කලපුවේදී වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ නායකයින් රැසක් මෙල්ල කරනු ලැබුවේ කමල් ගුණරත්න මහතා අණදුන් 53 වන සේනාංකයේ සෙබලුන් විසින් විම විශේෂත්වයක්.
2016 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගිය කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.



