සියලුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
ජනාධිපති ලේකම් පි.බී ජයසුන්ද මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු පළාත් ලේකම්වරු සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ඊයේ දිනයේදී අදාල දැනුම්දීම ලිඛිතව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
තමන් යටතේ ආයතනවල සියලු රාජ්‍ය නිලධාරින්ට අදාල දැනුම්දීම සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අදාල ලිපිය මගින් උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සියලු පාළාත් ආණ්ඩුකාරවරුන්ට ද සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ඊයේ දිනයේ ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම්දී තිබුණි



