නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදි දිවුරුම් දෙනු ලබයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනිම සදහා ඉඩකඩ සලසා දෙමින් තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි.
දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව සීමිත ඇමතිවරුන් සංඛ්‍යාවකින් යුත් නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ දිව්රුම් දීමට නියමිතව තිබේ.



