රටතුළ ක්‍රියාත්මක අපරාධ,වංචා සහ දූෂණ වැළැක්වීම සඳහා පියවර ගන්නැයි බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ බැහැදැකීම සඳහා ඊයේ(22) පස්වරුවේ පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
ගල්කිස්ස ධර්මපාලාරාමයට ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදුටුවේය.
එහිදී උන්වමන්සේ පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.
එමෙන්ම ජනාධිපතිවරයා සහ මෙරට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතරද හමුවක් සිදු වුණි.



