අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.
ඒ, ගම්පොළ දොළුව ක්‍රීඩාංගණයේදී ය.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතාගේ වසය අවුරුදු 88 කි.
1970 වසරේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දි.මු. ජයරත්න මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැසක් හෙබවූ කීර්තිමත් දේශපාලඥයෙකු වේ.
ඔහු 1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ ඉඩම්, කෘෂිකර්ම හා වන සම්පත් අමාත්‍යධූරය හෙබවුවේ ය.
ඊට අමතරව, කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර අමාත්‍ය ධුරයත්, තැපැල් විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍යධූරයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යධූරයත් හෙබවූ දි.මු ජයරත්න මහතා අග්‍රාමාත්‍යධූරයට පත්වුයේ 2010 වසරේදී ය.



