මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, එම නව දුම්රිය මහනුවරින් අලුයම 4.30ට කොළඹ කොටුව බලා පිටත් වූ බවයි.
කොළඹ කොටුවෙන් පස්වරු 5.20ට එම දුම්රිය මහනුවර බලා පිටත් වන බව ද ඔහු පැවසී ය.
මේ අතර ලබන මාසයේදී නව දුම්රිය බලවේග කට්ටල 8 ක් මෙරටට ආනයනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසී ය.
සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, එම දුම්රිය බලවේග කට්ටලවලින් 06 ක් චීනයෙන් ආනයනය කෙරෙන අතර බලවේග කට්ටල දෙකක් 02ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවයි.



