පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහනේ තවත් අදියරයක් ලෙස වෙරළතීරය පිරිසිදු කිරීමේ කටයුතු අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ බව පොලිසිය පවසයි.
කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වු වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අද ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීරුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් පාරිසරික කොට්ඨාශය, පොලිස් ස්ථානවල පාරිසරික ඒකකයේ සහ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු 400කට අධික පොලිස් නිළධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වී තිබේ.
සුරක්ෂිත රටක් බිහිකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක පරිසරය ආරක්ෂා කිරීමේ කටයුතු දිවයින පුරා සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීරුවන් ගුණසේකර මහතා පැවසුවේය.



