වැරදිකරුවන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදාපති කියයි

Share

හමුදා සහ යුදමය ගැටුම් පිළිබඳ ඉන්දියානු ආරක්‍ෂක විශ්ලේෂකයෙකු ලෙස සැලකෙන ගොඛ්ලේ මහතා ඉකුත් සෙනසුරාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදි , නව ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට පැවරි ඇති සුවිශේෂි කාර්යභාර්ය පිළිබඳව සිය ඉදිරි දැක්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

වර්ෂ 2009 දී මානුෂීය මෙහෙයුම අවසන් විමත් සමඟ යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළේය.

තවද නව ජනාධිපතිවරයාගේ දැක්ම අනුව ත්‍රිවිධ හමුදාව ඊට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ද එතුමා එහිදි අවධාරණය කර ඇත.

තවද උද්ගතව ඇති තත්ත්වයන් හදුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවද කෙටි පැහැදිලි කර තිබේ.

සම්මුඛ පරීක්‍ෂණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම සංවිධානය මගින් සිදු කරනු ලබන ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තිය භාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුභසාධනය මෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සිදු කිරිම තම අපේක්‍ෂාව බවයි.

තවද තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවට ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා එහිදි තරයේ කියා සිටියේය.

වර්ෂ 1983 සිට බහු මාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත් ශක්ති සහ එස්.එන්.අයි හි ප්‍රධාන කර්තෘ නිටින් ගොඛ්ලේ මහතා, කතුවරයකු, මාධ්‍ය පුහුණුකරුවෙකු, ආරක්ෂක විශ්ලේෂකයෙකු, කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු ද වන අතර ප්‍රථම වරට ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමගින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ වරප්‍රසාදය ලද ප්‍රථම විදේශ මාධ්‍යවේදීයාද විය.

Read more

Local News