අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ළඟ තබා ගැනීම ද සම්පුර්ණයෙන් තහනම් බවයි.
එම නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වනදා සිට 12 වනදා දක්වා මධ්‍යස්ථාන 4987කදී පැවැත්වීමට නියමිත ය.
ඒ සඳහා පෙනී සිටිමට නියමිත අයැදුම්කරුවන් සංඛ්‍යාව 7,17,008 කි.
ඉන් 2,83,958 පෞද්ගලික අයදුම්කරුවන් ලෙස මෙවර විභාගයට ඉදිරිපත් වීමට නියමිත ය.



