ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සම්බන්ධන්ගේ සහාය

Share

නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවේම කටයුතු කරන බවට කිසිවෙකු නොසිතිය යුතු බවයි.

වැරදි දේ වෙනුවෙන් කිසිවිටෙකත් සහයෝගය ලබා නොදෙන බව පැවසු ඒ මහතා, රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන නිවැරදි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සුදානම් බවත් පැවසීය.

සභානායකවරයා සම්බන්ධයෙන් මේ වන විට කථා බහක් ඇතිව තිබෙන බවත් පැවසු ඒ මහතා නිසි වේලාවට නිවැරදි තීන්දුව ලබා ගන්නා බවත් කියා සිටියේය.

Read more

Local News