මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

Share

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ.

ඔහු ඊයේ (25) සිය තනතුරේ වැඩ භාර ගෙන ඇත.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසිනි.

ඉන්පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු පසුව වසර 05ක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවීය.

අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස දිගු කලක් සේවය කළඅතර, ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිධූරයට පත් කරනු ලැබීය.

මොහාන් සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි ද වරක් සේවය කර තිබේ.

Read more

Local News