රාජ්‍ය සේවකයින් දෙස දේශපාලන කෝණයෙන් නොබැලිය යුතු බව අමාත්‍ය මණඩල ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.
ඔහු ඊයේ(25) සිය ධුරයේ වැඩභාරගත් අතර එහිදී මෙම අදහස් පල කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බොහෝ රාජ්‍ය සේවකයින් පක්ෂ සමඟ හඳුනා ගැනීමක් පසුගිය කාලයේ සිදුවු බවයි.
එය ඉතාමත් වැරදි ක්‍රමයක් බව තමා විශ්වාස කරන බව පැවසු ඒ මහතා, රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නායකයින් සමඟ හෝ දේශපාලන පක්ෂ සමඟ හඳුනා ගත යුතු නැතැයි ද පැවසීය.
ඔවුන් බලයට පැමිණෙන ඕනෑම අයෙකුට සේවය කිරීමට බැඳී සිටින බවත් පැවසු ඒ මහතා, අද වන විට රාජ්‍ය සේවකයින් දෙපැත්තකට බෙදී ඇතැයි ද කියා සිටියේය.
මෙය ඉතාම නරක තත්ත්වයක් බවත්, වත්මන් ජනාධිපතිවරයා විසින් මෙම තත්ත්වය නැවත වතාවක් යහපත් තත්ත්වයට පත් කිරීමට දේශපාලන පක්ෂවලින් තොරව ක්‍රියාකරනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය නිලධාරීන්ට තම හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමට අවස්ථාව සැලසීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ජනාධිපතිවරයා විසින් සකස් කරනු ඇතැයි සිතන බවද පැවසු එස්.අමරසේකර මහතා කැබිනට් මණ්ඩලයේ කාර්යාලය වශයෙන් තමා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් කියා සිටියේය.



