අතීතයේ සිට වර්තමානය දක්වාම රට යටත් කර ගැනීමේ ක්‍රියාදාමයන් විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වූ බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
එම අභියෝගවලින් රට මුදා ගැනීමට විරෝධාර නායකයින් කලින්කලට බිහි වූ බව උන්වහන්සේ පෙන්වා දෙයි.
අද (26) පෙරවරුවේ වීර කැප්පෙටිපොල ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මෙම අදහස් පල කළේය.



