ඉකුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් යම් යම් පුද්ගලයින් ඉලක්ක කර ස්ථාපිත කළ ආයතන මඟින් සිදු කළ පරීක්ෂණ සියල්ල වැරදි පරික්ෂණ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
අද(26) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පසුගිය රජය වෛරය පැතිරූ රජයක් බවයි.
එනිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ආණ්ඩුව විසින් බිහි කරන ලද FCID යන ආයතනය ඍජු ලෙසම රජයට සම්බන්ධව කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, අද වන විට පක්ෂක්ග්රාහී ලෙස කටයුතු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරීවරයෙක් රටින් පැන ගොස් ඇතැයි ද පැවසීය.
ඉහළ නිලධාරීන් මෙය නොදැක සිටියේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ඒ තුළින් තෝරා ගත් පුද්ගලයින් අමාරුවේ දැමීමට මෙවැනි අංශ බිහි කර ගෙන සිටි බව තහවුරු වෙන බවත් කියා සිටියේය.
එනිසා නීත්‍යානූකූල පරීක්ෂණයක් කර මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස තමා ඉල්ලා සිටින බවත් පැවසු මන්ත්‍රිවරයා, සාධාරණ යුක්තිගරුක පොලීසියක් අවශ්‍ය බවද පැවසීය.
පසුගිය කාලයේ FCID ය බාරව සිටි පොලිස් නිලධාරීවරයා ඉතාමත් වැදගත් කරුණු රැසක් හෙළි කළ බවත් පැවසු මන්ත්‍රිවරයා, එනිසා මෙම සෑම ආයතනයක්ම යම් යම් පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති ක්‍රියාවන් ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් සඳහන් කළේය.
යහපාලන යන වචනය ප්‍රකාශ කරමින්, එයට විරුද්ධ පාලනයක් පසුගිය ආණ්ඩුව විසින් ගෙන ගිය බවත් පැවසු ඒ මහතා, එක්සත් ජාතික පක්ෂය විසින් රට ආගාධයට ගෙන යෑම හේතුවෙන් ජනතාව පොදු තීරණයක් ගෙන ගෝඨාභය මහතා ජනපතිධූරයට පත් කළ බවත් පැවසීය



