මහ මැතිවරණයේදී බහුතරය ගන්න නම් කළ යුතු දේ

Share

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නම් අනිවාර්යෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගතව තරඟ කළ යුතු බව උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

එළඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරඟ කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආණ්ඩුකාරවරයා මෙම අදහස් පල කළේය.

සංධානයේ පක්ෂ 17ක් පවතින බවත් එම නිසා පක්ෂ 17ම කැමති වන ලකුණකින් මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත් ඒ මහතා පවසයි.

නමුත් මේ මොහොතේ ලකුණු මාරු කිරීමට හැකියාවක්නොමැති බවත් එම නිසා සැම දෙනාගෙම සමුහිකත්වයෙන් ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

වෙන වෙනම පක්ෂ ඉදිරිපත් වුවහොත් බහුතරයක් ලබා ගැනීමට නොහැකි බවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

Read more

Local News