ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.
ඒ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම නිවසේදීය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සටියේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම රැස් කර මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය සහිතව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරු පත් කරන ලෙස උපදෙස් බවයි.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර යම් ප්‍රමාණයක් ඇති බවයි.
එමෙන්ම තෙල් මිල සහ විදුලි බිල ඉදිරියේදී වැඩි නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුටත් පැවසීය.



