ලබා දුන් ඇමති ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවෙයි – ජනපති

Share

ලබා දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර තනතුරු හෝ වරප්‍රසාද නොව, වගකීම් බව සිහිතබා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයේදී ය.

එමෙන්ම අමාත්‍ය ධූර ගණන අඩු කළ යුත බවට මතයක් පළ වුව ද, ජනතා අවශ්‍යතාවයක් මත මෙම රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමූ බව ජනාධිපතිතුමා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු දිවුරුම් දුන්නේය.

Read more

Local News