Home දේශීය පුවත් දකුණේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්න නියෝග

දකුණේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්න නියෝග

0
දකුණේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්න නියෝග

දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) දින සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න මහතා පවසයි.

දකුණු පළාත් නව ආණ්ඩුකාර  ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස් මත දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යංශය  යන ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බවද දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා සඳහන් කළේය.

ඉදිරියේ දි මෙකි ආයතන සදහා සභාපතිවරුන් සම්මුඛ පරික්ෂණයක් පවත්වා සුදුසු අය තෝරාපත් කරගන්නා බව පවසන ආණ්ඩුකාර ලේකම්වරයා මෙකි ආයතනවල සභාපතිධුරයන් දරනු ලැබු සභාපතිවරුන්ට ද  තම ජිව දත්ත පිළිබද පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඒ සදහා අයදුම් කළහැකි බවද  ආණ්ඩුකාර ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව සමහරක් විට දැනට සිටින සභාපතිවරුන්ටද එම තනතුරුවලට පත්විමට හැකි බවද ආණ්ඩුකාර ලේකම්වරයා පැවසිය.

ඉල්ලා අස්නොවන සභාපතිවරුන් ඉවත්කිරිමේ බලය ආණ්ඩුකාරවරයා සතුව පවතින බවද ආණ්ඩුකාර ලේකම් ඒ.යු වේලාරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here