Home දේශීය පුවත් එක්නැලිගොඩ ඝාතන නඩුවේ 2වන විත්තිකරු ඇතුළු 3ක් නිදහස්

එක්නැලිගොඩ ඝාතන නඩුවේ 2වන විත්තිකරු ඇතුළු 3ක් නිදහස්

0
එක්නැලිගොඩ ඝාතන නඩුවේ 2වන විත්තිකරු ඇතුළු 3ක් නිදහස්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ දෙවන විත්තිකරු වන ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු අධිකරණය විසින් නිදහස් කර ඇත.

අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්අධිකරණය මෙම නියෝගය ලබාදි ඇති බව සඳහන්.

යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු‍ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නීතිපති උපදෙස් අනුව මෙම නඩුවේ දෙවන විත්තිකරුවන නැගෙනහිර බුද්ධි බලකයේ හිටපු දෙවන අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු දහවන සහා දොලස්වන විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

කෙසේ වෙතත් අනෙකුත් සැකකරුවන් 9 දෙනාට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන බවද අපරාධ පරික්ෂණදෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here