පක්ෂ නායක – විපක්ෂනායක තනතුරු සජිත්ට ඕනෑ

Share

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

” එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා.

තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News