පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළ කළ බව ද්‍රවිඩ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



