පුත්තලම පොලිස් කොට්ඨාශයේ පැය 24ක් ඇතුළත කළ වැටලීම් වලින් හෙරෝයින් හා අයිස් මත් කුඩු ජාවාරමේ යෙදුනු පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ චන්ද්‍රෙස්න මහතාගේ උපදෙස් පරිදි ලැබුණු තොරතුරකනට අනුව පුත්තලම කොට්ඨාශ විෂ මත් ද්‍රව්‍යය වැටලීම් ඒකකය නිළධාරින් , නාවික හමුදා බුද්ධි අංශ නිළධාරින්ගේද සහය ඇතිව පුත්තලම පොලිස් වසමේ සෙම්මන්දළුව තම්භපණ්නි වත්ත ආසන්නයෙදී මෙම සැකකරුන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරෝයීන් මත් කුඩු මිලදී ගෙන එන අවස්ථාවෙදී ප්‍රථමයෙන් පුද්ගලයින් දෙදෙනකුද පසුව හෙරෝයින් මත් කුඩු අලෙවි කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනා ලඟම හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 25 ක් සොයා ගෙන ඇත.
එමෙන්ම ,නොරොච්චෝලේ පොලිස් වසමේ පුලිදිවයල් උළුක්කාපල්ලම ප්‍රදේශයේදී අයිස් නැමති මත් කුඩු ග්‍රෑම් 102යි මිලි ග්‍රෑම් 500 ක් හා හෙරෝයින් මත් කුඩු මිලි ග්රැම් 740 ක් සමඟ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් සිට ඉතා කුඩා පරිමාණයේ මත් කුඩු අලෙවි කර ඇති අතර පසුව එය විශාල ලෙස සිදු කරණ මත් කුඩු ජාවාරම් කරුවන් දෙදෙනකු බවට පත් වි ඇති බවද පොලීසිය පවසයි.



