අනුරාධපුර-නව නුවර මාර්ගයේ කුඩා නොළුවකුලම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
ප්‍රදේශවාසීන් විසින් අනුරාධපුර පොලීසියට ලබා දුන් තොරතුරක් මත මෙම මළ සිරුර අද(04) සොයා ගෙන ඇත.
ත්‍රීරෝද රථය තුළ මියගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු 24 ක් වු අනුරාධපුර, හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මිය ගිය තරුණයාගේ ඥාතීන් පවසා ඇත්තේ මෙම මරණය පිළිබඳ සැකයක් පවතින බවයි.
තරුණයා ත්‍රීරෝද රථයේ පිටුපස ආසනය අසල බිම වැටී සිට ඇත.
කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලීසිය විසින් පවත්වයි.



