මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

Share

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට(10) පැවැත්වීමට නියමිතයි.

 

ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වෙයි.

හෙට උදෑසන 10.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සෙසු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්වීමට නියමිතයි.

සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.

Read more

Local News