දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

Share

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත්  වාහන සඳහා ගොවීන්ගෙන්  ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට නිලධාරින්ට උපදෙස් දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ (08) පැවසිය.

 

එසේම මෙතෙක් කාලයක් තිස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි සහ කැසිකිලි පාවිච්චි කිරිමේදි අයකළ රුපියල් 20ක මුදලද අය කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් දුන් බවයි.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ගේ නිෂ්පාදන ක්‍රමවත්ව හා නිදහසේ බාධාවකින් තොරව අලෙවි කර ගැනිමට අවශ්‍ය පහසුකම් සපයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News