Home දේශීය පුවත් ගම්පහ රෝහලේ නේවාසික රෝගියෙකු 5වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට

ගම්පහ රෝහලේ නේවාසික රෝගියෙකු 5වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට

0
ගම්පහ රෝහලේ නේවාසික රෝගියෙකු 5වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු  අද  (9) අලුයම 5 වෙනි මහලෙන් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මූත්‍රා අමාරුවක් සහ උණ රෝගයට ප්‍රතිකාර පිණිස රෝහලෙහි වාට්ටු අංක හතෙහි දින පහක සිට නේවාසිකව සිට ඇති මෙම රෝගියා අද  අලුයම 3.50 ට පමණ වාට්ටුවෙහි ජනේලයකින් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති  බව අනාවරණය වි  ඇතැයි කළ විමසිමේදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

අද අලුයම 3.50ට පමණ රෝහලේ  බිම් මහලෙහි ඇතිවූ ශබ්දයක් මත එහි සිට ඇති කාර්ය මණ්ඩලය විසින් සොයා බැලිමේදී මෙම තැනැත්තා වැටී සිටිනු දැක ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here