Home දේශීය පුවත් කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට යුරෝ මිලියන 13.9ක ආධාරයක් ප්‍රංශයෙන්

කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට යුරෝ මිලියන 13.9ක ආධාරයක් ප්‍රංශයෙන්

0
කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට යුරෝ මිලියන 13.9ක ආධාරයක් ප්‍රංශයෙන්

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර තිබෙන සහයෝඟීතාවය තවදුරටත් වර්ධනය කරමින් කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2,514 ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ණ්‍ය ආධාරය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණයකර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමට අත්සන් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම ගිවිසුම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඉසබෙල්ලා මිස්කොට් මහත්මිය අත්සන් කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරි ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළහැකි වන අතර පූර්වයෙන් තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපාකාර සමිති සහ සංවිධාන 6ක් නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට අපේක්ෂිත බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අදාළ නවීන උපකරණ මඟින් ඉහළ ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති අතර අදාළ ක්‍රියාවලිය පරිගණක අනුසාරයෙන් නිරීක්ෂණය කරයි. ඊට අමතරව අභිජනන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රංශයේ ලාභ අරමුණුකර නොගත් ආයතනයක් ගොවීන් වෙත ලබාදෙනු ලබන තාක්ෂණික සහයෝඟීතාවය සහ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත විධිමත් වෙළෙඳපොල ගවේෂණයක් ද මේ ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here