අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අවසන් කරන්න කැමතියි

Share

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට රජය ගෙන ඇති තීරණය අගය කරන ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ මෙය අහේාසි කරන ලෙස දිගින් දිගටම සඳහන් කළත් ඇතැම් බස් හිමියන් දේශපාලන බලපෑම් කර එය නැවැත්වූ බවයි.

“අපි දිගින් දිගටම කිව්වා මෙම බස්රථ සේවය අහෝසි කරන්න කියලා. අපි මේක නවත්වන්න උත්සාහ කළා නමුත් බස් රථ හිමිකරුවන් දේශපාලන බලපෑම් කරලා එය නැවත්තුවා. මේ තීන්දුව ක්‍රියාත්මක කරනවානම් අපි ඒක අගය කරනවා.

බස් රථ 400ක් පමණ තමයි තිබෙන්නේ. එම බස් රථ සුඛෝපභෝගී බස්රථ බවට පරිවර්තනය කරන්න රජය සහනයක් ලබාදිය යුතුයි. සාමාන්‍ය සේවා බවට පරිවර්තනය කළොත් ඒක සාමාන්‍ය බස් රථවලට යම්කිසි හානියක් වෙනවා”

Read more

Local News