Home දේශීය පුවත් පොලීතීන් හා ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කළ යුතුයි

පොලීතීන් හා ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කළ යුතුයි

0
පොලීතීන් හා ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කළ යුතුයි

පූජනීය ස්ථානවල සහ වෙරළ තීරයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සළකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

ශ්‍රී පාදස්ථානය සමය ආරම්භ වී දින කිහිපයක් ඉක්ම  යෑමත් සමග එහි උඩමළුවේ දමාගොස් ඇතියි පැවැසෙන් ප්ලාස්ටික් හා පොලිතීන් පිළිබඳ ඡායාරූප කිහිපයක් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කර ගනිමින් මන්ත්‍රීවරයා මේ බව පවසයි.

පොලිතීන් හා ප්ලාස්ටික් වෙනුවට භාවිතා කළ හැකි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නව ආදේශක නිශ්පාදනය කිරීම මෙයට විසඳුමක් බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා එය මුලපිරීමක් ද විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

https://www.facebook.com/NamalSL/posts/10157714871489030

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here