බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පළ කර ඇත.
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් කොන්සවේටිව් පක්ෂයටද සුබ පැතුම් එක් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ බොරිස් ජොන්සන්ගේ තීරණාත්මක නායකත්වය එම ජයග්‍රහණයට හේතුවී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.