මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු වැඩි වෙලා – නිමල් සිරිපාල

Share

බොහොමයක් රැදවියන් තමන්ගේම වරදින් පමණක් නොව සමාජය තුළ තියෙන වැරදි නිසාත් බන්ධනාගාර ගත වන බවත් ඒ නිසා මුළු මහත් සමාජයම මෙයට වග කිව යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

එම නිසා සානුකම්පික හදවතකින් රැදවියන් දෙස බැලිය යුතු බව අමාත්‍යරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ ක‍ළේ බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමනි.

මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබදව නඩු සියයට එකසිය පනහකින් වැඩි වී ඇති බවත්, බන්ධනාගාර තුළ රඳවා තබන්නට හැකි ප්‍රමානය මෙන් තුන් ගුණයක් එහි රඳවා ඇති බවත් අමාත්‍යරයා පවසයි.

එයට ප්‍රධානතම හෙතුව වී ඇත්තේ හෙරොයින් ප්‍රශ්නය බවත් අමාත්‍යරයා පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ පිරිස වෙනමම විවෘත බන්ධනාගාර තුළ තබා පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේදී දියත් කර බවද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News