ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට කොළඹට පැමිණෙන රථ වාහන කැලණි පාලම අසලින් අද දිනයේ සිට එක් මංතිරුවක පමණක් ධාවනය කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම රථ වාහන ධාවන සැලැස්ම අද(17) පෙරවරු 6.00 සිට පෙරහුරුවක් ලෙස ශ්රී ලංකා පොලීසිය සමග එක්ව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙයි.
එහි අඩුපාඩු සොයා බැලීමෙන් අනතුරුව ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා එක් මංතීරුවක පමණක් රථ වාහන ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මේ හේතුවෙන් රථ වාහන තදබදය අවම කර ගැනිම සදහා අද දිනයේ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලු වාහන සහ බස් රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සදහා විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
කන්ටේනර් සහ ලොරි රථ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ මීගමුව “ඒ තුන” මාර්ගය භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.



