නීති විරෝධීව වල දැමු රෝහල් අපද්‍රවය නැවත ගොඩ ගැනීමට නියෝග

Share

හම්බන්තොට කැටන් වැව මහවැලි රක්ෂිතයේ රෝහල් සායනික අපද්‍රවය ගෙනත් නීති විරෝධිව වල දැමු අදාළ ආයතනයට එම රෝහල් අපද්‍රවය යලි ගොඩගෙන නිසි පරිදි විනාශ කරන ලෙස හම්බන්තොට මහා අධිකරණය නියෝග කර ඇත.

 

ඒ අනුව යළි එම රෝහල් ශායනික අපද්‍රවය ගොඩට ගැනීම අද (17) ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පවසයි.

හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයට පසුගිය 2019.08.15 වන දින ට ආසන්න දිනයකදී මෙම රෝහල් අපද්‍රවය ගෙනවිත් වලදමා ඇති බවට එම ප්‍රද්ශයේ ජනතාව විසින් කරුණු අනාවරනය කිරීමත් සමඟ මෙම රෝහල් අපද්‍රවය ගෙනවිත් දමන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරනයට කරුනු වර්තාකර පරීක්ෂණයක් ආරම්භකර ඇත.

එහිදී අදාල ආයතනය සම්බන්ධයෙන් සෙවීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කමිටුවක්ද පත්කර ඇති අතර පසුව එම රෝහල් අපද්‍රවය ගෙනවිත් දමන ලද ආයතනය සම්බධයෙන් කරුණු අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව අදාල ආයතනය වෙත මෙම තීන්දුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී ඇත.

Read more

Local News