රට සහ පක්ෂය පිළිබඳව සිතන නායකයින් අද වන විට එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, පක්ෂයේ වත්මන් නායකයින් තමන්ගේ බලය හා තනතුරු පිළිබඳව පමණක් සිතන තත්ත්වයට පත්ව ඇති බවයි.



