කළුතර ප්‍රදේශ රැසකට පැය 11ක් ජල සැපයුම අත්හිටුවයි

Share

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජලපවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකටද අද(17) පෙරවරු 8.00 සිට පැය 11 කට අධික කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද පෙරවරු 8.00 සිට රාත්‍රී 7.30 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකර තිබේ.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Read more

Local News