ඉදිරි මාස 03 තුළ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය සේ “සපිරි ගමක්”

Share

ඉදිරි මාස 03 තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි “සපිරි ගමක්” සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අවමය රුපියල් ලක්ෂ 05ක හා උපරිමය රුපියල් ලක්ෂ 20 ක ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

ජන සහභාගිත්වය ඇතිව මෙම වැඩෙසටහන ක්‍රියාත්මක කිරීම රජය විසින් අනිවාර්ය කර ඇති අතර මේ මස 31 වන දින සිට ව්‍යාපෘති හදුනාගෙන අදාළ යෝජනා ඉදිරිපත් කිරිමටත් ඉදිරි මාස 02 තුළ එම ව්‍යාපෘති අවසන් කිරිමටත් රජය විසින් අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි ඉදිරිපත් කළ ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News