නව නායකත්වයක් ඉදිරියට ගෙන ඒමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද(17) පැවති සරසවි යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
“ජනාධිපතිවරණයෙන් පස්සේ අපි එකතැන ඉන්න බෑ. අපි ඉදිරියට යන නිසා ඔබේ සංවිධානත්, ඒ වගේම වෘතීය සමිති සංවිධාන ගණනාවක් විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව ජනවාරී මාසයේ ඉදන් අපි ඉදිරියට යනවා.
මම මෙතන හැමදාම ඉන්නේ නෑ. දැන් මට තියෙන්නේ අලුත් නායකත්වයක් ඉදිරියට ගේන්න. සියලු දෙනා එක්සත් වෙලා එක්සිත් වෙලා. වාද නොකර සැලැස්මක් ගේන්න කියලා කියලා තියෙන්නේ.
අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අනිත් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්නවා. වැඩ කටයුතු කරගෙන යන්න. ඔක්කෝම එකතුවෙලා. පක්ෂය ඉදිරියට ගෙනියන්න“



