පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසම හමුවේ රහස්‍ය සාක්ෂි කැඳවීමක්

Share

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අද රහස්‍ය සාක්ෂි කැඳවීමක් සිදුකෙරෙන බව එම කොමිසම පවසයි.

 

කොමිසමේ ලේකම් එච්.එම්.බී පී. හේරත් මහතා සඳහන් කළේ, අද පස්වරු 2.45ට පමණ සාක්ෂි විමසීම ආරම්භ කළ බව ය.

කුමන කරුණු මත පදනම්ව සාක්ෂි විමසන්නේ ද යන්න හෙළි කළ නොහැකි බව ද ඔහු පැවසුවේ ය.

කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් මහතා පැවසුවේ, ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව අනිද්දා ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත බව ය.

Read more

Local News