කෘත්‍රිම රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට උපදෙස්

Share

කෘත්‍රිම රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට අදාල උපදෙස් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 

ඊට අදාලව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මේ බව පැවසීය.

මෙම වසර තුළ පමණක් සිදුකළ වැටලීම්වලදී කෘත්‍රිම රා ලීටර් පන් ලක්ෂයකට අධික තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඒ හරහා රුපියල් මිලියන හතරයිදශම පහක පමණ දඩ මුදලක්ද අය කරගෙන ඇති බව කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News