රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු ජම්පටාවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වේල්ලවීදිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වේල්ලවීදිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



